ජාලගත අවකාශයේ තීර්ථයාත්‍රිකයා
ජාලගත අවකාශයේ අතරමංවී...ඔහේ ඇවිදන් ගිය ගමන...
Sunday, December 23, 2012
කාලය -> ඉරිතැලීම
මේ චණ්ඩ සූර්ය නගරේ
විඩාපත් මහපොලොව
දිය බිඳක් අයදිමින්
ඉරිතලා යන විලස
බිඳීයා හැක සිතක්
කාටත්ම නොදැනෙන්න. . .
කාලයේ වැලිතලාවේ
දස අතේ ඇවිද ගිය
පා සටහන් මකා
ඇදී යන මාරුතය
කොයිබ යාදෝ නොදැන
තව දුරක් යා නොහැක . . .
මාරුතේ හමා ආ
කැට කැබලිති වැදී
බිඳුනු වීදුරුව සේ
ඉරි තැලුණු සිත් ඇතිව
පිළිසකර කරගන්න
වෙහෙසෙමින් නිශ්ඵලව . . .
Monday, June 18, 2012
පමාවූ මල් සුවඳ
පමාවූ මල් සුවඳ
හමා යයි හෙමි හෙමින්
සිත් අහස සිසාර
හදේ කොන කොනහමින් . . .
ගිරි දුර්ග පසු කරන්
ගලා ආ මල් සුවඳ
අඳුරු මිටියාවත දිගේ
හමා ගොස් වියලෙමින්
කෙම්බිමක් සොයාවිත්
උණුහුමක් අයදිමින්
හදේ දොරගුලු ඇරන්
ලැගුම්ගෙන නොදැනීම . . .
නිහඬ මාවත් දිගේ
මග නොදැන ඇවිද ගිය
විඩාබර හදවතට
සුනිල දිය දෝත සේ
හමා ආ මල් සුවඳ
අයිතිකරගනු පිණිස
නෙලාගෙන සුවඳ මල
සුරකිම්න් දිවිතුරා . . .
Saturday, March 10, 2012
හුදකලා මලක් සහ අතරමංවූ සමනලියක්
දෙලොවක අතරමංව
අඳුරේ අතපත ගාමින්
කොතෙක් දුර යා හැකිද
නාඳුනන මේ මගේ . . .
ජීවිත නිම්නය දිගේ
නිමක් නැති මාවතේ
ඇවිදිමින් ඔහේ යයි
කාලයේ වැලි තලාවේ . . .
ඇවිද යන මාවතේ
මල් පිපී වැනේවී
හුදකලා මලක් ඇත
ජීවිතය අයදිමින්
අත පොවන මානයේ
නෙලාගත්තද අතට
රැගෙන යාමට නොහැක
තබාගන්නට නිබඳ . . .
පමාවී දැනුනු ඒ
මල් සුවඳ විඳගමින්
හැර යන්න සිදුවේද
හුදකලා මග දිගේ . . .
මග නොදැන යන අතර
අහම්බයකින් වගේ
හමුවූ සමනලියගෙන්
කෙසේ අසනුද මගක්
නොදන මග පියඹලා
අතරමං වී ඇයත් . . .
Subscribe to:
Comments (Atom)


