සුනිල දිය දහරක්
ගලා යයි හෙමි හෙමින්
බොහෝ ගල් පර මැදින්
රිංගමින් නොනැවතී . . .
කඳු මුදුනින් නැගී
දිය පහර එකතුවී
ඇරැඹි ඒ දිය දහර
ගලා යයි ඉපිලෙමින් . . .
බාධකවල හැපී
දිය පහර සැඩ වෙවී
පෙන බුබුලු නංවමින්
චන්ඩ ලෙස ගල යයි . . .
කාලයක් ගලා ගොස්
ගැඹුරුවෙයි දිය පහර
සීරුවෙන් ගලා ගොස්
නිම්තෙරක් සොය යයි . . .
